Saturday, January 21, 2012

-බල්ලොන් ගේ අලුත්ම සින්දුව-

බල්ලෝ සින්දු කියනවා අහල තියෙනවද ? නැහැ නේ .... බල්ලෝ න්ට උඩු බුරනවයි , බුරනවයි ට වඩා දෙයක් කරන්න පුළුවන්:)

-Saeed Ajmal ට ප්‍රශ්න-

ඉස්සර මුරලි දැන් අජ්මාල් , සුද්දොන්ට කළු උන් cricket  ගහල දිනන කොට ඉවසන්නම බැහැ.මතකනේ මුරලිට ඔස්ට්‍රලියන් කාරයෝ දීපු වදයක්. පන්දුව දමල ගහනවා කියල.දැන් සුද්දෝන්ගේ අලුත්ම සොයාගැනීම තමයි පාකිස්තානේ Saeed අජ්මාල්,අජ්මල් ලංකාවත් එක්ක ගහපු match එකෙත් ලොකු wicket ගානක් ගත්ත.එතකොට කිසි ප්‍රශනයක් නැහැ .ප්‍රශ්න ඔක්කොම ආවේ .අජ්මල් එංගලතේ match  එකේ wicket 7 ක් ගත්තට පස්සේ .ICC තරග නීති වලට අනුව කිසම පන්දු යවන්නෙකුට තමන්ගේ අත අංශක 15 කට වැඩ නමන්න බැරිලු, අජ්මාල් අංශක 35 පමණ නමනවා කියල තමයි සුද්දෝ කියන්නේ.

Friday, January 20, 2012

-මෙගා upload තහනම්-

මමත් මේ ඉඳල හිටලා software කැලි ටිකක් බාගත්තු Megaupload  වෙබ් පිටුව හදිසියේම තහනම් කරලා.පොඩ්ඩක් හොයල බැලුව මොකද කියල ,  Megaupload  කියන්නේ ලෝකේ ලොකුම filesharing වෙබ් පිටුව, මේක තහනම් කරලා තියෙන්නේ මේක නිසා සැහෙන හොර software සංසරණය වෙන නිසාලු,
මේ හොර software නිසා ,මිලියන 500 කට වැඩ පාඩුවක් software නිපදවන  අයට වෙලා තියෙනවලු.  megaupload කියන්නේ ලෝකේ 13 වෙනියට ජනප්‍රියම වෙබ් පිටුව.ඉස්සරහට මොන මොනවා තහනම් කරයි ද දන්නේ නැහැ ,බා ගන්න මගුලක් දැන්ම බා ගන්න එකී ඇත්තේ..
 

- කිංග්fisher ලංකාවේ -

සුප‍්‍රිද්ධ කිංග්ෆිෂර් සමාගමේ 2012 අලුත්  calender එකට ෆොටෝ ගන්න කෙල්ලෝ ඔක්කොමත් එක්ක ලංකාවට ඇවිල්ල.බලන්න ආසයි කෙල්ලෝ විට එක එක විදිහට ෆොටෝ අරගෙන . කිංග්ෆිෂර් කියන්නේ ඉන්දියාවේ සුප‍්‍රිද්ධ සමාගමක්, ගුවන් සේවයකුත් තියෙනවා. ඉතින් සල්ලි නැතුවයි....
වැඩිපුර විස්තර >>


- Sri Lanka ක්‍රිකට් -

අනේ මන්ද ඉස්සර සනත් අර්ජුන අරවින්ද මුරලි වාස් ගහන කාලේ match එකක් පැරදුනාම මාර අප්සෙට් , නින්ද යන්නෙත් නැහැ ,වැඩක් පලක් කරගන්න බැහැ ,සමහර වෙලා වට කන්න බොන්න හිතෙන්නෙත් නැහැ , එත් දැන් අපි පැරදෙන විදිහට නොකා නොබී හිටියොත් එහෙම මැරෙන්නේ මන්ද පෝශනේ හැදිලා. ඒ  තරමට match  පරදිනවා. 10 ක් ගැහුවොත් 8 ක් පරාදයි, ක්‍රිකට් බැලිල්ලත්   දැන් නම් එපා වෙලා තියෙන්නේ.
මේක ට දිල්ෂාන්ටම බැනලත් බැහැ, මට පෙන විදිහට මේකට හේතු ගොඩක් තියෙනවා, එකක් මුන්ට කාලෙකට පඩි ගෙවල නැති ලු ,අනිත් හේනේ තමයි අර IPL මගුල, අපේ උන් ඕකෙන් ලොකු සල්ලි ගානක් ගම්බවෙන නිසා වැඩි පුර හිතන්නේ IPL ගැන,සමහරු ටෙස්ට් ගහන්නෙත් නැහැ Oneday විතරයි .... මොනවා කරන්න ද ..මම අහගෙන ඉන්දියාවේ  මාධ්‍යත් IPL එකට බනිනවා ..උන්ගේ team එකත් ඔස්ට්‍රලියාවට දිගට හරහට පැරදුනේ IPL නිසා කියල.
      ඔන්න මහේලට  අයෙත් captaincy එක  දෙන්න යනවලු , මොනවා උනත් එක නම් හොඳයි , එහෙම කිව්වේ දිල්ෂාන් නරකයි කියල නෙවෙයි .., සමහර විට දිල්ෂාන් ගේ batting පරණ තත්වෙට ඒවි captaincy පීඩනය ගියාම.

- ගමරාල'z blog -

මම ගමරාල ,ඔන්න මාත් හිතුව blog එකක් කරන්න, අපේ පැත්තේ බල්ලොන්ටයි පූසොන්ටයි හැරෙන්න හැමෝටම බ්ලොග් තියෙනවා,යකෝ ඉතින් මම බ්ලොග් එකක් පටන් ගත්හම මොකද.